රජයේ වෙනත් වනාන්තර භාවිතය ගැන ගැසට්ටුව අවලංගු කරන්නැයි පරිසර යුක්ති කේන්ද්‍රයෙන් නඩුවක්

ආර්ථික හා වෙනත් අරමුණු සඳහා රජයට අයත් “වෙනත් වනාන්තර“ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව වනජීවී හා වන සංරක්ෂන අමාතයංශයේ ලේකම්වරයා විසින නිකුත් කරන ලද MWFC / 1/2020 චක්‍රලේඛයට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා විසින් ඊයේ අභියාචනාධිකරණය හමුවේ රිට් අයදුම්පතක් ගොනු කළේය.

එසේම එම අමාත්‍යංශ ලේකම්වරයා 2001.08.10 දිනැති චක්‍රලේඛ අංක 05/2001 සහ 2006.05.17 දිනැති චක්‍රලේඛ අංක 02/2006, වන සංරක්ෂණ ආඥා පනත යටතේ හෝ වෙනත් ලිඛිත බලතලයකින් තොරව අවලංගු කොට “නිකුත් කිරීමට එරෙහිව වද එම රිට් අයදුම්පතෙහි කරුණු දක්වා ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇත්තේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය, වන සංරක්ෂණ ජනරාල්, පරිසර අමාත්‍යාංශ ලේකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්තිය යටතේ නීතිපතිවරයා ය.


මෙහිදී පෙත්සම්කරුවන් කියා සිටින්නේ අංක 05/2001 චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර “වෙනත් රාජ්‍ය වනාන්තර” දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ විෂය පථයට අයත්ව තිබුණු අතර ඔවුන්ට මෙම වනාන්තර ඉඩම් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීමට අපොහොසත් වීම නිසා සහ විවිධ ආයතන හා පුද්ගලයින්ට ඔවුන්ගේ අභිමතය පරිදි ඒවා ලබා දීම මගින් සත්ත්ව හා ශාක වලට පුරණය කළ නොහැකි විනාශයක් සිදු විය.

පෙත්සම්කරුවන් පවසන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 2009 අංක 65 දරණ (සංශෝධන) පනත මගින් සංශෝධනය කර ඇති අතර ප්‍රධාන පනතේ 20 වන වගන්තිය අවලංගු කර නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවයි. 20 වන වගන්තිය මගින් සංරක්ෂණ වනාන්තරයක්, රක්ෂිත වනාන්තරයක් හෝ ගම් වනාන්තරයක් හැර වෙනත් ඕනෑම වනාන්තරයක තහනම් කර ඇති වැරදි ලැයිස්තුගත කර ඇත. තවද එම වන විනාශයන් සහ එයට ආධාර කිරීම සහ අනුබල දීම සඳහා ද දඩුවම් නියම කර ඇත. මේ අනුව, එම සංශෝධනය මගින් වෙනත් වනාන්තර වන ආඥා පනතේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථයට යටත් කරන ලදී.

2020 ජුලි මස 02 වන දින කැබිනට් ප්‍රකාශක විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ දැනට ඉතිරිව ඇති වනාන්තර (රජයේ වනාන්තර ඉඩම්) හේන් වගාව සහ වෙනත් ආර්ථිකමය අරමුණු සඳහා ඉඩ සැලකෙන ලෙස ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනය වෙත පැවරීම සඳහා ගෙන ඇති කැබිනට් යෝජනාවක් 2020 ජූලි 1 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

චක්‍රලේඛ අංක MWFC / 1/2020 ආර්ථික හා වෙනත් අරමුණු සඳහා වෙනත් රජයේ වනාන්තර ඉඩම් නිදහස් කිරීමේදී බැහැර කළ යුතු ක්ෂේත්‍ර ලැයිස්තුවක් සකස් කර ඇත. ජල පෝෂක ප්‍රදේශ, අලි ගමන් මාර්ග , එතිහාසික, සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ බැහැර කළ යුතු අංශ කිහිපයකි. කෙසේ වෙතත් මෙය හානිය පාලනය කිරීමට තරම් පුළුල් නොවේ.

එහි ප්‍රතිපලයක් ලෙස රට පුරා පොල්ලෙ බැද්ද- මහඔය, ලාහුගල, නිල්ගල සහ තවත් බොහෝ ප්‍රදේශවල වනාන්තර විවිධ පුද්ගලයන් විසින් අල්ලාගෙන ඇත.

මෙම වනාන්තර ඉඩම් ආරක්ෂිත ප්‍රදේශ අතර සම්බන්ධතාවය සහ රක්ෂිත වනාන්තර ජාතික වනෝද්‍යාන සමඟ සම්බන්ධ කිරීම කරන අතර පරිසර පද්ධති අතර සතුන් ගමන් කිරීම සඳහා කොරිඩෝවක් ලෙස බහුලව භාවිතා වේ. මෙම අනෙකුත් රජයේ වනාන්තර නොමැතිවීම ජාතික වනෝද්‍යාන සහ වන රක්ෂිත හුදෙකලා වී කැබලි කිරීමට හේතු වේ. මෙය රටේ මිනිස් – අලි ගැටුමට එක් ප්‍රධාන හේතුවක් වනු ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය විශ්වාස කරයි. එපමණක් නොව, වෙනත් රාජ්‍ය වනාන්තරවලට ආවේණික විශේෂ රාශියක් ඇති අතර, පසුගිය දශකය තුළ හෝ වෙනත් රාජ්‍ය වනාන්තර තුළ නව ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක් හඳුනාගෙන ඇත.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්ගේ අතින් නිකුත් කරන ලද 2011.11.04 දිනැති MWFC / 1/2020 චක්‍රලේඛයේ අඩංගු තීරණ වැරදි, නීති විරෝධී සහ නීතියට පටහැනි වන අතර විශේෂයෙන් සංශෝධිත වන ආඥා පනතේ විධිවිධානවලට පටහැනි බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එය ජාතික පාරිසරික පනතේ 1980 අංක 47,දරන පරිසර පනතේ 23 බීබී වගන්තිය යටතේ ගැසට් කර ඇති, වනාන්තර හෙක්ටයාර 1 ට වඩා නිදහස් කිරීම සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් සකස් කල යුතු බවට 18.06.1993 දිනැති ගැසට් නිවේදන අංක 772/22 හි විධිවිධානවලට පටහැනි බවත් පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

තවද මෙය වත්මන් ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයිනේ වනාන්තර ආවරණය 30% දක්වා ඉහළ නැංවීමේ අදහසට පටහැනි බව CEJ පවසයි.

එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ

චක්‍රලේඛ MWFC / 1/2020 හි සඳහන් කර ඇති තීරණ අවලංගු කිරීම සහ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන සහ 78 වන වගන්තිවල දක්වා ඇති ආරක්ෂාව “වෙනත් රාජ්‍ය වනාන්තර” සඳහා සැපයීමට පියවර ගැනීම සහ සීමා මායිම් ගැසට් කිරීම .

2020.01.04 දිනැති MWFC / 1/2020 චක්‍රලේඛයේ 4.1 වගන්තිය යටතේ සහ අනෙකුත් රාජ්‍ය වනාන්තර තුළ ඇති වැදගත් හා සංවේදී වනාන්තර ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම චක්‍රලේඛය යටතේ ක්‍රියාත්මකව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ වෙනත් රජයේ නිලධාරීන් විසින් ගනු ලබන තීරණ ආපසු හැරවීම

Exit mobile version