රජයේ විදේශ ණය ප්‍රමාණය  2023 තුළ කැපී පෙනන වැඩිවීමක්… දැන් ණය ඩොලර් බිලියන 38.4ක්…  මහ බැංකුව හෙළි කරයි…

ලලිත් චාමින්ද –

රජයේ  විදේශිය ණය ප්‍රමාණය  ඉකුත් වර්ෂය තුළ (2023) ඇමරිකානු ඩොලර් බිලියන  38.4 දක්වා  කැපි පෙනෙන ලෙස  වැඩිවී ඇති බැව් ශ්‍රිලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

රජය විසින්  2022 වර්ෂය අවසන්වන විට  පියවා නොමැතිව ඇති  විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු   ඩොලර් බිලියන  27.5කි. එකි මුදලට සාපේක්ෂව 2023  වසර අවසන් වනවිට  නොපියවා ඇති විදේශ ණය ප්‍රමාණය  ඇමරිකානු ඩොලර් බිලියන 33.1ක් බවද මහබැංකු වාර්තාවේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය විසින් නිකුත් කරනු ලැබු  ජාත්‍යන්තර ස්වෛරිත්ව  බැදුම්කරවල වෙළඳපොළ වටිනාකම් ඉහළයාම, පියවා නොමැතිව ඉතිරිව ඇති  ජාත්‍යන්තර ස්වෛරිත්ව   බැදුම්කරවල  උපචිත  කූපනවල ගෙවිම්  වැඩිවිම, රජය විසින් පියවා නොමැතිව ඉතිරිව ඇති  විදේශිය ණය ප්‍රමාණය වැඩිවිම, විදේශිය ණයවල උපචිත පොලිය වැඩිවීම මේ සඳහා හේතු වී ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version