රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීකයන්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.

Exit mobile version