රජයේ රෝහල්තුළ වැඩි දෙනෙක් මැරිලා තියෙන්නේ හෘදයාබාධ හේතුවෙන්! සමීක්ෂණයකින් හෙළි වෙයි…

heart-attack

ශ්‍රියානි විජේසිංහ –                                               

රජයේ රෝහල්වල සිදුවන මරණවලින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ හෘදයාබාධයන් හේතුවෙන් බව බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසිංහම්  සඳහන් කරයි.

හෘදයට සහ මොළයට රුධිරය සපයන නාලවල ඇතිවන රෝගී තත්ත්වන් හේතුවෙන් හෘදයට හා මොළය  ඇතිවන හානිය  හේතුවෙන් මෙම මරණ සිදුවන බව ඇය පෙන්වාදේ. 

මෙම රෝගී තත්ත්වය Ischaemic Heart Disease යනුවෙන් හඳුන්වන අතර වසර 2010 සිට 2020 දක්වා කාලය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණවලට ප්‍රධාන හේතුව මෙම රෝගී තත්ත්වය  බව කරන ලද සොයා බැලීමකදී හෙලිවුවේ යැයි ඇය අද (18) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසුවාය. 

බෝනොවන රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නා මොළයට හා හෘදයට රුධිරය සපයන නාලවල පවතින රෝග තත්ත්වයන්, දියවැඩියා, පිළිකා හා නිදන්ගත ශ්වසන රෝගයන් හඳුනාගෙන ඇතැයිද ඇය මෙහිදී පැවසුවාය. 


බෝනොවන රෝග ඇතිවීමේ අවදානම් සාධක ලෙස සෞඛ්‍යයට අහිතකර ආහාරයන් වන සීනි , තෙල් හා ලුණු අධික ආහාරයන් ගැනීම, ශාරිරික ක්‍රියාකාරකම් අඩුවීම, මත්පැන් හා දුම්වැටි භාවිතය, මානසික ආතතිය හඳුනා ගෙන ඇතැයි විශේෂඥ ෂෙරීන් සඳහන් කරයි.

ජනතාවගේ ක්‍රියාශීලී භාවය අඩුවීම බෝනොවන රෝගයන් ට තවත් එක් ප්‍රධාන හේතුවක් වී ඇති බවත් පෙන්වා දෙන ඇය වසර 2015දී දිවයින පුරා අවුරුදු 18 – 69  වයස් කාණ්ඩයේ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුකල සමීක්ෂණයදී ඔවුන්ගේ ක්‍රියාශීලී භාවය සියයට 30න් අඩුවී තිබු අතර එය වසර 2021දී සියයට 35ක් දක්වා වර්ධනය වී ඇති බවත් පෙන්නුම් කළ බව  ඇය පෙන්වා දුන්නාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සමීක්ෂණය නැවත වසර 2026දී  සිදුකිරිමට නියමිත බවත් එහිදි ජනතාවගේ ක්‍රියාශීලිත්වය වැඩිවී තිබේද අඩුවී තිබේද යන්න නිවැරදිව කිව හැකි බවත් වෛද්‍ය බාලසිංහම් පවසා සිටියි.

Exit mobile version