රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ධුරය හර්ෂ ට….

HARSHA-DE-SIVA

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කරනු ලැබ ඇත

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ තේරීම් කාරක සභාවට ඉහත ධුරය සඳහා නම් කීපයක් ඉදිරිපත් වූ අතර ඉන් හර්ෂ ද සිල්වාගේ නම නිර්දේශ වී තිබේ.

පසුගිය වතාවේ පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය ආණ්ඩු පක්ෂය විසින් හෙබවූ බැවින් මින් ඉදිරියට කෝප්, කෝපා සහ අනෙකුත් පාර්ලිමේන්තු කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලීමක් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සෙසු කමිටුවල ද සභාපති ධූර විපක්ෂයට   ලබා දීමට ගනු ලැබු තීරණයකට අනුව හර්ෂ ද සිල්වාට මෙම තනතුර ලබා දී ඇත.


Exit mobile version