රජයේ නියමයන් උල්ලංඝණය කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවැත්වූ දානයට වැඩි හිමි නමකට කොවිඩ්…

මාරක කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් රාජ්‍ය ආයතනවල සංවිධානය කර ඇති සියලු උත්සව, රැස්වීම් ඇතුළු සමස්ථ ඒකාරාශී වීම්  තහනම් කර සීමිත සේවක පිරිසක් සේවය සඳහා ගෙන්වීමට චක්‍රලේඛ නිකුත් කර තිබිය දී තිබිය දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේම සහභාගීත්වයෙන් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ පියා වෙනුවෙන් පැවැත්වෙන දානමය පිංකමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීම පිලිබඳ ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් විශේෂ විමර්ශනයක්
ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම දානමය පිංකම පවත්වා ඇත්තේ පසුගිය 09 දාය. දානයම පිංකම සඳහා සහභාගී වන ලෙස බොහෝ දෙනෙකුට දන්වා ඇති හෙයින් එදින විශාල පිරසක් මේ සඳහා රැස් වී තිබේ.

පින්කමේ අර්බුදය හට ගන්නේ ඊට සහභාගී වු හිමි නමකට කොවිඩ් ආසාදිත වී ඇති බව දානයට පසු දා තහවුර වීමෙනි. එම හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම සේවය කරන හිමිනමකි. මේ අවස්ථාවේ උන්වහන්සේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු දෙපාර්තමේන්තුවේ විශාල පිරිසකට නිරාවරණය වී ඇත.


මේ වනවිට උන්වහන්සේ සේවය කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දෙවන මහලේ අංශ හතරක් වසා දමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතිරේක ලේකම්වරයාගේ පියා ගේ අභාවයේ සත් දවසේ දානය දින මෙම දානමය පින්කම පවත්වා තිබුනේ දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ පරළෝ සැපත් මවුපියන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් බව ප්‍රකාශ වී තිබිණි.

Exit mobile version