තමන් පදවමින් සිටි මෝටර් රථය ත්‍රීවිල් රථයක ගැටීමෙන් සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍ර යශෝධ රංගේබණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ.
අද අළුයම 4.30ට පමණ කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බවත්, අනතුරෙන් ත්රීවිලර් රථ රියදුරා බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.
අනතුර සිදුවීමෙන් අනතුරුව යශෝධ රංගේබණ්ඩාර වාහනය එතැනම දමා පලා ගොස් තිබේ.
මූලික වෛද්‍ය වාර්තාවේ යශෝධ රංගේබණ්ඩාර මත්පැන් පානය කර නැති බවට තහවුරු කර ඇතත් වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇතිදැයි සෙවීමට වැඩිදුර රුධිර සාම්පල පරීක්ෂාවක් කරන බව විමර්ශන අංශ කියයි.
පාලිත රංගේබණ්ඩාර වාරිමාර්ග රාජ්‍ය ඇමති ධූරය දරන වකවානුවේ ඔහුගේ පුත්‍ර යශෝධ රංගේබණ්ඩාර බීමතින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයක් පදවා අනතුරක් සිදුකිරීම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව පැවරුණ නඩුවෙන් වරදකරු වී වන්දි ගෙවා නිදහස් වුන පුද්ගලයෙකි.
බීමත් යශෝධ රංගේ බණ්ඩාර හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි රිය පාලනය කරගත නොහැකිව පාර අසල නිවසකට කඩා වැදී 2018 ජූනි මස 06 වැනිදා අළුයම අනතුරක් සිදු කළේය.
බීමතින් රිය පදවා, සාවද්‍ය ලෙස රාජ්‍ය දේපල පරිහරණය කරමින් රජයේ කැබ් රථයට හානි කිරීම සහ පුද්ගලික දේපලට හානි කිරීමේ වරදට ඔහුව 2018 ජූනි 08 දා පොලිස් අත් අඩංගුවට පත් වී විය. ඔහුට එරෙහිව පැවරුණ නඩුව වසර 2ක් තිස්සේ ඇසීමෙන් පසු හලාවත දිසා අධිකරණය 2020.02.18 රුපියල් 32,500ක දඩ මුදලක් නියම කර අනතුරුව
ඔහුගේ රියදුරු බලපත්‍රය ද මාස 6කට කාලයකට අත්හිටුවීමට නියෝග කළේය.