යොහානි ඉන්දියාවේ සුපිරිතම ගායකයාත් අභිබවයි

‘මැණිකේ මගේ හිතේ..’ cover song ගායනයෙන් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි මාස 4ක් වැනි කෙටි කලක් තුළ ඉන්දීය සුපිරිතම සංගීතඥයකු, ගායකයකු වන ඒ.ආර්.රහමන්ට වඩා යූටියුබ් ග්‍රාහකයන් සංඛ්‍යාවෙන් අභිභවා තිබේ. ඒ අනුව මේ වනවිට යොහානිගේ යුටියුබ් ග්‍රාහකයන් මිලියන 2.97 ඉක්මවා ඇත.

දශක 3කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ සුපිරිතමයකු වන ඒ.ආර්.රහමන්ගේ යූටියුබ් ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 2.93ක් ‍වෙයි.

මොවුන් දෙදෙනාටම වැඩිම රසික පිරිසක් ඇත්තේ ලෝකයේ දෙවන වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාවේ ය.


සංගීතඥයකු වන ඒ.ආර්.රහ්මන් ඉන්දියානු චිත්‍රපට සංගීත නිර්මානකරුවකු, ගායකයෙකු සහ ගීත රචකයෙකු වන අතර 2010 දී ඉන්දීය රජය ඔහුට එරට තුළ ජාතියේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් ප්‍රදානය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යූටියුබ් හරහා ‍බටහිර රටවල රසික හදවත් පවා දිනාගත යොහානි පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ එරටදී ප්‍රසංග කිහිපයකට සහභාගි වී හින්දු චිත්‍රපට ගීත ගායනටත් පිවිසෙමිනි. ඉදිරියේදී ඉන්දියාවත් සමඟ ඇය සංගීත අංශයෙන් ගිවිසුම් ගණනාවකට එළැඹ ඇත.

Exit mobile version