යුද හමුදා ට්‍රක් රථ අනතුරින් සෙබළු 14කට තුවාලයි….

දිනසේන රතුගමගේ –

යාපනයේ පලාලි පාරේ උරුම්පිරායි හන්දියේදී යුද හමුදා ට්‍රැක් රථයක් හා වැලි පටවා ගෙන ගිය ටිපර් රථයක් ඊයේ ( 26 ) එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන්  යුද හමුදා සෙබළුන් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් යාපනය පලාලී යුද හමුදා රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම අනතුරෙන් පසුව වැලි පටවාගත් ටිපර් රථය පාර මැදම පෙරලී ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කන්කසන්තුරේ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version