යුගදනවි ගිවිසුම අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ජවිපෙ උසාවි යයි!

යුගනවි බලාගාරය හා  සම්බන්ධව ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම හා අත්සන් කළ ගිවිසුම නීති විරෝධි බව ප්‍රකාශ කර එම ගිවිසුමේ බල රහිත කරමින් මැන්ඩමොස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද (26) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ   මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල සහ එම පෙරමුණේ දේශපාන සභික සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම අද  ගොනු කර තිබිණි.

පෙත්සම ගොනුකිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ  නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට, අධිකරණයට පමණක් නොව තමන්ගේම කැබිනට් මණ්ඩලයට හොරෙන් අත්සන් කළ මෙම ගිවිසුම  නිසි කාර්ය පටිපාටියකින් තොරව, අදාල කාර්ය පටිපාටිය විස්තර කරන්නේ නැතිව   අත්සන් කළ නීති විරෝධී ලියැවිල්ලක් බවය.


“කැබිනට් මණ්ඩලය ඇතුළු ජනාධිපතිවරයාට ජනතා බලය ලබා දී තිබෙන්නෙ සූදු කෙළින්න නෙමෙයි.  රටක් දුවන්න අධිකරණය හා පාර්ලිමේන්තුවත් අවශ්‍යයයි. විධායකය  විතරක් රටක් හසුරුවනවිට රටේ ව්‍යවස්ථාව බිඳ වැටීම සාමාන්‍ය දෙයක්. මේ ගිවිසුම නීති විරෝධී බව ප්‍රකාශ කරමින් මැන්ඩමොස් රිට් ආඥාවක් ඉල්ලා තමයි අපි අද අභියාචනාධිකරණයේ මෙම පෙත්සම ගොනු කළේ. එළඹෙන සිකුරාදා මේ පිළිබඳව නඩුකරයක් ගොනුකරනවා. ඒ අපේ වෘත්තීය සමිතිය හරහා.  මේ හරහා අපි සැලකිය යුතු මැදිහත් වීමක් කරනවා.“ නීතිඥ වටගල කීවේය.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ  මේ ගිවිසුම නීතිමය තත්ත්වයක් යටතේ  අවලංගු කිරීම අපේ අපේක්ෂාවෙන් මෙම පෙත්සම ගොනු කළ බවය.

මේ ප්‍රශ්නකාරී ගිවිසුම පිටුපස බරපතල වංචාවක් තිබෙන බව අපි විශ්වාස කරනවා.    අධිකරණයට හොරා, ජනතාවට හොරා, පාර්ලිමේන්තුවට හොරා, විෂය භාර ඇමතිවරුන්ට හොරා අත්සන් කළ මේ ගිවිසුම  අහෝසි කරන්න කියලා ඉල්ලනයි අපි අධිකරණයට ආවෙ. “

“මෙය තේරුම් ගත යුතුයි. ඇමරිකානු පුරවැසියො තමන්ගෙ රට වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරනවා. ජනාධිපති ඇමරිකන් පුරවැසියෙක් නම්, මුදල් ඇමති   ඇමරිකන් පුරවැසියෙක් නම් ඔවුන් කටයුතු කරන්නෙ ඔවුන්ගෙ රට වෙනුවෙන්. ඔවුන්ගෙ රට වෙනුවෙන් අපේ සම්පත් ඔවුන් කොල්ල කනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය මෙතනින් නතර වෙන්න ඕන. ඔබ මේ ආණ්ඩුව පත් කරගත්තෙ සම්පත් විකුණන්න නෙමෙයි. විකිණූ සම්පත් යළි ලබා ගන්න.  දැන් ඔබ   පුරවැසියන් විදිහට   වචනයකින් හරි ඔබේ විරෝධය පාන්න. එය අත්නොහළ යුතු පරම යුතුකමක්.

Exit mobile version