යුගදනවි ගිවිසුම බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ලබා දුන් දිවුරුම් ප්‍රකාශ ව්‍යවස්ථා විරෝධී බව නීතිපති සංජය රාජරත්නම් අද (17) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මණ්ඩලය ඉදිරියේ කියා සිටියේය.
එසේම එලෙස අමාත්‍යවරුන් තිදෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දීම නීතියට පටහැනි යැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
උදය ගම්මන්පිල , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඉකුත් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් වලට පක්ෂව විරෝධතා කරනු ලැබූහ.
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල මෙම අමාත්‍යවරුන් තිදෙනා වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම් වලට පක්ෂව විරෝධතා ගොනු කිරීම විශේෂත්වයක් විය .