යාල අභය භූමි ප්‍රදේශයේ දී මරා දැමූ ඇතාගේ දළ යුගලය හමුවෙයි…

ප්‍රධාන සැකරු සොයා යාලේ මෙහෙයුමක්

Elephant

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාල ජාතික වනෝද්‍යානයේ දී පසුගියදා වෙඩි තබා ඝාතනය කළ ඇතකුගෙන් ලබා ගත් බවට සැක කරන දළ යුගය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද සමත්වී තිබේ.

මෙම අපරාධය සිදු කළ බවට සැක කරන කළු අප්පුවා නැමත්තා සොයා මේ වනවිට යාල වනෝද්‍යානය ආසන්නයේ මෙහෙයමුක් දියත් වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අපරාධය සිදු කර ඇත්තේ කළුඅප්පුවා නැමැත්තා ඇතුළු කණ්ඩායමක් බවට මූලික තොරතුරුවලදී අනාවරණය වී ඇති බවත් මේ සඳහා භාවිත කළ ගිනිඅවිය සැපයූ පුද්ගලයා ඊයේ (16) දිනයේදී ගන්දර දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ලබා ගත් තොරතුරු මත ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අද පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමේදී ඇතාගේ දළ යුගළය සමග සැකකරුවක් අත්අඩංගුවට ගත හැකිව තිබේ.

ප්‍රධාන සැකකරුවා ඇතුළු කිහිප දෙනකු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත මේ වනවිට ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහයුමක් දියත්ව ඇත.

Exit mobile version