යාපන සරසවියේ ලිංගික නවක වධ දුන් සිසුන් 4කට වැඩ වරදී

දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ අමානුෂික හා ලිංගික ක්‍රියාකාරකම් ඔස්සේ නවක වධය ලබාදීමේ සිද්ධියට සම්බන්ධ හතරවන වසරේ සිසුන් හතර දෙනෙකුට වසරක කාලයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් එම කාලය තුළදී ඔවුන්ට යාපනය විශ්ව විද්‍යාල භූමිය තහනම් භූමියක් ලෙස දැණුම් දීමටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කමිටුව 14 දා නිර්දේශ කොට තිබේ.

මෙම නවක වදය ලබාදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් දෙදෙනෙකුට මෙතෙක් දඩුවම් නියම කිරීමක් සිදු වී නොමැත.


නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද කමිටුව සිය වාර්තාව යාපනය විශ්ව විද්‍යාලයේ විනය කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙත බාර දී තිබේ.

මීට මාසයකට පමණ ඉහතදී යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට නවක වධය ලබාදීමේදී ජංගම දුරකතන ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගෙන නවක සිසුන්ට විවිධ අන්දමේ ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවන ලෙස දන්වා ජේයෂ්ඨ සිසුන් එම දර්ශන නරඹා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ක්‍රියාවන්ට අවනත නොවූ නවක සිසුන්ට ජෙයෂ්ඨ සිසුන් විසින් අමානුෂික අන්දමට පහර දී ඇති බවටද පරීක්ෂණ කණ්ඩායමට තොරතුරු ලැබී ඇති අතර එම පරීක්ෂණ කණ්ඩායම යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සිද්ධායුර්වේද වෛද්‍ය පීඨය තුළ සිදුවූයේ යැයි කියන අමානුෂික අන්දමේ නවක වධය දීමේ සිද්ධියක් පිළිබදවද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version