යාපනේ මිදි කිලෝව දඹුල්ලේ දී 200යි… එලවළු මිල සියයට 40කින් වැටේ…

යාපනයේ මිදි කිලෝවක මිල දඹුල්ලේ දී රුපියල් 200 තෙක් පහළ වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වේ. හොඳම තත්වයේ මිදි කිලෝවක් රුපියල් 300 බව එම ආරංචි මාර්ග කියයි.

උඩරට එළවළු කිලෝවක තොග මිල රුපියල් 90 සිට 160 දක්වා මිලක් දක්වා ඇති බවත් පහත රට එළවළු කිලෝව රුපියල් 30 සිට 80 දක්වා මිලකට අලෙවි වන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි.

මෙය සමස්ථයක් ලෙස මෙතෙක් පැවති මිලෙන් සියයට 40 පමණ පහත වැටීමක් බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවක් දකින බවත්, ගොවීන් විශාල පිරිසක් සිය වෙළෙඳ ද්‍රව්‍ය  කීයකට හෝ අලෙවි කරගැනීම සඳහා පොලිම්වල සිටින බවත් වාර්තා වේ.

Exit mobile version