යාපනේ තවත් බෝම්බයක් – 3කට තුවාල

තුවාල ලැබූවන් ඇතුළු 4ක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ:

යාපනයේ කීරිමලේ කූවිල් ප්‍රදේශයේදී ඊයේ සවස බෝම්බයක් පිපිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඉලවාලෙයි පොලීසිය විසින් පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් හතර දෙනාගෙන් මේ පිපිරීම නිසා පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.


ඒ අවස්ථාවේදී පරීක්ෂණ කටයුතු සදහා පැමිණි ආරක්ෂක අංශවලට තුවාලකරුවන් පවසා තිබුණේ ගමේ ක්‍රීඩාංගණය කෙලවරක වූ බෝම්බයක් කසලවලට ගිණි තැබීම නිසා පුපුරා ගිය බවයි.

නමුත් ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී ඒ අසල නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වී ඇති අතර එම පුපුරණ ද්‍රව්‍යවලින් කොටසක් යොදාගෙන කළ යම් ක්‍රියාවක් නිසා ඒවා පිපිරී ගොස් ඇති බවට සැක පහලවීම නිසා පුපුරණ ද්‍රව්‍ය තබාගෙන සිටි යාපනයේ ඉලවාලී ප්‍රදේශයේ තරුණයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වයස අවුරුදු 30 ත් 40 ත් අතර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් තුන් දෙනෙකු පිපිරීමෙන් තුවාල ලැබුවෝ වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය හා ඉලවාලෙයි පොලීසියද අනෙක් ආරක්ෂක අංශද මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version