යාපනේ කෝවිලක වල්ලි හා දේවානෙයි දේවතාවියන්ට පූජා කළ රුපියල් 5600ක සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වෙයි!

දිනසේන රතුගමගේ –

යාපනයේ පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකදී වල්ලි හා දේවානෙයි යන දේවතාවියන්ට පූජා කළ සාමාන්‍ය රුපියල් ලක්ෂ 16 කට එක් බැතිමතෙකු විසින් ඊයේ ( 23 )  මිලට ගෙන තිබේ. ඒ එදින පැවති වෙන්දිසියකදී ය. 

කෝවිලේ පූජාව අතර…

එම කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තීර්ථ මංගල්ලයේදී සරමක් හා සාරියක් දෙවියන් හා දේවතාවියන් උදෙසා පූජා කිරීම සාම්ප්‍රදායික සිරිතක් වී තිබේ

තීර්ථ මංගල්ලයෙන් පසුව එම සරම හා සාරිය බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කරන අතර එහිදී වෙළඳ පලෙන් රුපියල් 5600 කට මිලට ගෙන තිබූ සාරිය රුපියල් ලක්ෂ 16 කට බැතිමතෙකු විසින් මිලට ගෙන තිබේ

දෙවියන්ට පූජා කළ සරම වෙන්දේසියේදී අලෙවි වී ඇත්තේ රුපියල් 23000 කටය


කෝවිලේ පුජාව අතර…

තීර්ථ මංගල්ලයේදී කෝවිල අසල වු මුහුදෙන් ස්නානය කොට විශේෂ දේව මෙහෙයට සහභාගී වන්නේ පුරා දින හතක් මුළුල්ලේ පවැත්වෙන අවශේෂ පූජාවලින් පසුව හත්වන දිනයේදී පැවැත්වෙන විශේෂ පූජාවටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික තීර්ථ මංගල්ලය සඳහා බැතිමතුන් තුන් දහසක් පමණ සහභාගී වී සිටියහ.

Exit mobile version