යාපනෙන් හමුවුනේ සමූහ මිනී වලක් ද?… තහවුරු කරගන්න කැණීම් 18 සිට…

දිනසේන රතුගමගේ –

යාපනයේ කොට්ටඩි පන්නයි ශ්‍රී මීනාච්චි අම්මාන් කෝවිල අසලින් මිනිස් අස්ථි කොටස්  හමුවීමත් සමගම ඒම ස්ථානය සමූහ මිනී වළක් පැවති ස්ථානයක්ද යන්න සැකහැර දැනගැනීම සදහා 18 දා සිට එම ස්ථානයේ කැණීම් ආරම්භ කරණ ලෙස යාපනය මහේස්ත්‍රාත් වී.ආර්.ශිවරාම් මහතා  ඊයේ ( 14 )දා පොලීසියට නියෝග කොට තිබේ.

එම කැණීම් ආරම්භ කෙරෙන තුරු ඒ ස්ථානයට පූර්ණ ආරක්ෂාව සපයා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

මේ ස්ථානය පෞද්ගලික ඉඩමක් වන අතර එහි තිබී  මිනිස් හිස්කබලක් අස්ථි කොටස් කීපයක් හා පරණ ඇඳුම් කීපයක් හමුවීමත් සමගම යාපනය මහේස්ත්‍රාත්වරයා හා යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී  එස්.මයුරන්   එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදු කොට තිබේ.


එහිදී මේ ස්ථානයේ තවත් මිනිස් අස්ථි කොටස් තිබිය හැකි බවට  හමුව ඇති යම් යම් සාධක නිසා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන මෙන් මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රකට මෝස්තර නිරූපිකා කේෂරී වැලිකලගේ දිවි සැරියෙන් සමු ගනී…

Exit mobile version