යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්ක දෙකේ පාසල් දින නියමයක් නැතිව වැසේ…

දිනසේන රතුගමගේ –

යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්ක වල සියළුම පාසල් යළි  7 දා සිට වසා දැමීමට උතුරු පළාත් ආණ්ඩුකාරීණී පී.එම්.එස්.චාර්ල්ස්  තීරණය කොට තිබේ.

පාසල් ගොඩනැගිලි ගණනාවක් ජලයෙන් යටවීමත් පාසල් ගොඩනැගිලි වල ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් රදවා තැබීමත් සිසුන්ගේ ආරක්ෂාවත් යන කාරණා මත යාපනයේ හා කිළිනොච්චියේ පාසල් වසා දැමීමට තීරණය කොට තිබේ.

බුරවි සුළි සුළග නිසා පසුගිය  3 හා 4 යන දිනයන් දෙකේදී උතුරේ සියළුම පාසල් වලට නිවාඩු ලබා දුන් අතර එම පාසල් යළි විවෘත කිරීමට නියමිත වූයේ 7 වෙනිදාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් යළි විවෘත වන දිනය පසුවට දැණුම් දෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය නිවේදනය කොට තිබේ.

Exit mobile version