යාපනය සරසවියේ නවකවදය සිද්ධිය ගැන තවම පැමිණිල්ලක් ලැබී නෑ – පාලන අධිකාරිය කියයි.

Jaffna Univercity

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව  විද්‍යාලයේ පලමු වසර සිසු සිසුවියන්ට  ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙමින් සජීවීව හා ඒවා පටිගත කොට ජංගම දුරකතන ආධාරයෙන් තමන් වෙත එවන ලෙස බලකරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් නවක වදය  දීමට පටන් ගැනීම නිසා නවක සිසුන් අපහසුතාවයකට පත්ව සිටින බව මාධ්‍ය වාර්තා කළත් ඒ ක්‍රියාකාරකම් පිළිබඳව කිසිවෙක් මෙතෙක් පැමිණිල්ලක් කර නැති බව යාපනය විශ්විද්‍යාලයේ පරිපාලන අධිකාරියෙන් කළ විමසීමක දී ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව යාපනය විශ්ව විද්‍යාලයේ  විනය කමිටුවේ සහ පරිපාලන  අංශයේ කථිකාචාර්යවරයෙකුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ නවක සිසුන් මෙවැනි නවක වදය දීමේ  සිද්ධියක් හෝ සිද්ධීන් පිළිබඳව රහසිගතව හෝ පැමිණිල්ලක් කරන්නේ නම් නම් එය රහසිගතව තබාගෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට හැකි බවය.

එම කථිකාචාර්යවරයා මේ වසරේ පෙබරවාරී මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ  එවැනි ක්‍රියාවන් ගණනාවක් සිදු වු බව සදහන් කළේය.


මේ සම්බන්ධයෙන් පැමිණිලි ලද අවස්ථාවේදී උතුරු  පළාත් ආණ්ඩුකාරවරියද ඊට මැදිහත් වී  පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිසුන් හය දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකතන සමග අත් අඩංගුවට ගත් බවත් අට දෙනෙකුගේ පන්ති තහනම් කළ බවත් ප්‍රකාශ කළේය.

මෙවරත් යම් පැමිණිල්ලක් ලැබෙන්නේනම් ඒ පිළිබදව විභාග කොට ඊට සම්බන්ධ  සිසුන්ට දඩුවම් ලබා දීමට හැකියාව පවතින බවද එම කථිකාචාර්යවරයා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පසුගිය පෙබරවාරී මාසයේදී මේ අන්දමට නවක වදය දීම නිසා එක් සිසුවකුගේ ලිංගය ඉදිමීමකට ලක්ව රෝහල් ගත කෙරුණු අතර නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ  සිසුන්ගේ ඡායාරුප පලවීමෙන් පසුව යාපනයේ පිහිටි එක් සිසුවකුගේ නිවසට පහර දී නිවසේ වාහනවලට හා නිවසට හානි සිදු කළ බවටද තොරතුරු වාර්තා වුණි.

Exit mobile version