යාපනය සරසවි යුද ස්මාරකය විවෘත කිරීමට පෙර උප කුලපතිට හෘදයාබාධයක්….

දිනසේන රතුගමගේ –

යාපනය විශ්වවිද්‍යලය තුළ අළුතින් ඉදි කළ යුද ස්මාරකය විවෘත කිරීමට ආරාධනය ලැබ සිටි යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති ශ්‍රී සර්ගුණරාසා   හදිසියේ වැළදුණු  හෘදයාබාධයක් හේතුවෙන් 22 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ඉදි කරන ලද යුද ස්මාරකය විවෘත කිරීමට නියමිතව තිබුණේ අද ( 23 ) පෙරවරුවේය.

මීට පෙර මෙම විශ්ව විද්‍යාලයේ තිබූ යුද  ස්මාරකය අනවසර ඉදි කිරීමක් බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නම් කිරීමෙන් පසුව එම ස්මාරකය ජනවාරී මස 8 වෙනිදා රාත්‍රී යාපනය විශව විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් කඩා ඉවත් කරනු ලැබීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව යාපනය විශ්ව විද්‍යාලය තුළ ඊට එරෙහිව හටගත් දැඩි විරෝධයක් නිසා උප කුලපතිවරයාටම  නව යුද ස්මාරකයක් ඉදි කිරීම සදහා ජනවාරී 15 දා මුල්ගල තැබීමට සිදු වුණි.

Exit mobile version