යාපනය යළි කොරෝනා බියක

නිවෙස් 19ක පිරිස් අද සිට නිරෝධායනයේ....

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කොරෝනා ආසාධිතයෙකු බවට පත්වීමත් සමගම යාපනයේ ඔහුව ඇසුරු කල  ඉනුවිල් හා නාවාලි  යන පළාත් වල නිවෙස් 19 ක පිරිස් 9 දා සිට ඔවුන්ගේ නිවෙස් වලම නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මෙසේ නිරෝධායනයට ලක් කොට ඇත්තේ එම සාරි වෙළෙන්දාගෙන් සාරි මිලට ගැනීම පුරුද්දක් කරගෙන සිටි යාපනයේ සාරි ව්‍යාපාරිකයින් 19 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝය.

මේ පිළිබදව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ එවැනි ආරංචියක් පැතිර ඇති නිසා රාජ්‍ය මට්ටමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදු කරගෙන යන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයට පැමිණි සාරි වෙලෙන්දා කවුරුන්දැයි නිශ්චය වශයෙන්ම අනාවරණය වී නොමැති බවද  එම නිලධාරියා කියා සිටියේය.

Exit mobile version