යාපනය බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි තරුණයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලිස් කොට්ඨාසයේ වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබුණු ආකරයට නිවසකට ඇතුළු වී බිය ගන්වා රුපියල් අනූ දහසක් සහ රන් පවුම් 16.5ක් කොල්ල කෑම පිළිබඳව සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණු සිත්තන්කේනි ප්‍රදේශයේ 26 හැවිරිදි තරණයෙක් මෙසේ මියගොස් තිබිණි.
මෙම තරුණ සැකකරු පසුගිය 11 වැනිදා වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය විසින් මුලින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කිරීමෙන් අනතුරුව ඔහු මල්ලාකම් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
![](http://lankasara.com/wp-content/uploads/2023/11/POLICE-0001.jpg)
යාපනය බන්ධනාගාරයට යැවීමෙන් පසු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
නොවැම්බර් 16 වැනිදා නැවත බන්ධනාගාරයට පැමිණියද සැකකරු නොවැම්බර් 19 වැනිදා යළි අසනීප වී යාපනය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
![](http://lankasara.com/wp-content/uploads/2023/11/POLICE-0004.jpg)
මෙම තරුණයාට එල්ලා පහර දී ඇති ආකාරය ඔහු ඡායාරූප සාධක සමග සිය මිතුරන් වෙත යවා තිබුණු අරත පහරදීම අතරතුර තරුණයාගේ ඥාතීන් මේ සම්බබන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි දෙකක් ද ඉදිරිපත් කළේය.
සැකකරුගේ මණයෙන් පසු සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ පහරදීමක් හේතුවෙන් සිරුරේ අභ්‍යන්තර අවයවවලට හානි වී ඇති බවත්, තරුණයාගේ වකුගඩු ක්‍රියාකාරිත්වය අවහිර වී ඔහුව මරණයට පත් වී ඇති බවත්ය.
![](http://lankasara.com/wp-content/uploads/2023/11/POLICE-0002.jpg)
මෙම අධිකරණ වාර්තාව පදනම් කරගෙන සැකකරුගේ මරණය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකරනු ලැබීය.
අදාළ නඩුව බ්‍රහස්පතින්දා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.