යාපනය පුස්තකාලයට ගිනිතබා වසර 39ක්..

දිනසේන රතුගමගේ

යාපනය පුස්තකාලයට ගිණිතබා විනාශ කොට  වසර 39 ක් ගතවීම නිමිත්තෙන් යාපනය  පුස්තකාලය ඉදිරිපිටදී පහන් දැල්වීමක්  30 දා සවස සිදු කෙරුණි.

යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කරණ ලද්දේ 1981 මැයි මස 31 දා රාත්‍රියේය.


ඇදිරි නීතිය නිසා මේ ශෝක දිනය සැමරීමට අවස්ථාවක් නොමැති බව කියමින් යාපනයේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් එක්ව පහන් දල්වා යාපනය පුස්තකාලයට ගිණි තැබීම පිළිබදව ශෝකය පල කරණු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ ජනතාවගෙන් හා ආයතනවලින් එකතු කරගන්නා ලද පොත් තොගයක් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.

Exit mobile version