යාපනයේ සෙල්ලම් දැමූ කඩු කාරයෝ කොටු.

දිනසේන රතුගමගේ –

යාපනයේ විවිධ ස්ථාන වල පසුගිය දිනවල කඩු හරඹ පෑ තරුණයින් තුන්දෙනෙකු යාපනයේ චුන්නකම් පොලීසිය විසින් 25 දා කඩු හා තවත්  සියුම් ආයුධ කීපයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් තුන් දෙනා අතර යාපනය කීරමලේ ප්‍රදේශයේදී දෙමළ ජාතික උප පොලිස් පරීක්ෂකවරයෙකුට කඩුවකින් කෙටූ සිද්ධියට සම්බන්ධ තරුණයෙකුද සිටින බව චුන්නාකම් පොලීසිය පවසයි.

පොලිසිය විසින් අත් අඩංගුවට ගත් යාපනයේ කඩු කරුවන් තුන්දෙනා වයස අවුරුදු 20,23 හා 25 යන වයස් කාණ්ඩවලට අයත් තරුණයින් වන අතර පොලීසිය පවසන්නේ ඔවුන් යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියවැනි කල්ලි වලට යම් සම්බන්ධතාවයක් ඇද්දැයි යන්න පිළිබදව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් තුන් දෙනා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත.

Exit mobile version