යාපනයේ ස්වභාවික කසගස් වනයට ගිනි තබයි… අක්කර 03ක් විනාශයි…

දිනසේන රතුගමගේ –

යාපනයේ වඩමරච්චි දකුණ මනල්කාඩු ප්‍රදේශයේ පිහිටි ස්වභාවික කසගස් කැළයට 5 දා කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තැබීම නිසා අක්කර තුනක පමණ ප්‍රදේශයක පිහිටි කසගස් මුලුමනින්ම විනාශ වී ගොස් තිබේ.

ගින්න හටගැනීමත් සමගම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කස ගස් වනයට ගිනි තැබූ පුද්ගලයා සෙවීම පිණිස පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.


Exit mobile version