යාපනයේ සමාජ ක්‍රියාධරයෙක් ලෙස පෙනී සිටිමින් මැරකම් කළ අරුන්  සිද්ධාර්ථන් ඇතුළු 05ක් රිමාන්ඩ්…

දිනසේන රතුගමගේ

යාපනයේ සමාජ ක්‍රියාධරයෙකු ලෙස පෙනී සිටින අරුන් සිද්ධාර්ථන් නැමැත්තා සමග  පස් දෙනෙකු මැයි මස  3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා  නියෝග කොට තිබේ.

යාපනයේ ආපන ශාලාවකට පහර දි දේපල විනාශ කිරීම හා එහි අයිතිකරුට ගොම  ගසා ඔහුට පහර දීම යන චෝදනාවන් මත යාපනය පොලීසිය විසින් අරුන් සිද්ධාර්ථන්  සමග  හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි.

එම පිරිසෙන් දෙදෙනෙකු කාන්තාවන් වු අතර ඔවුන්ට ඉතා කුඩා දරුවන් සිටින නිසා ඔවුන්ව පොලිස් ඇප මත නිදහස් කළ යාපනය පොලීසිය  අනෙක් පස් දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ.

අරුන් සිද්ධාර්ථන් තමන් යාපනයේ ක්‍රියාත්මක  ” ආවා කල්ලියේනායකයා බව ඔහු විසින්ම දකුණේ මාධ් වෙත ප්රකාශ කොට තිබූ අතර දකුණේ දේශපාලන පක්ෂ වලින් මුදල් ලබා ගෙන යාපනය තුළ දෙමළ විරෝධී කටයුතු වල නිරත වූ අයෙක් බවට චෝදනා එල්ල වී තිබේ.


ඔහු මුදල් ලබා ගන්නා දේශපලන පක්ෂ වලට පරිබාහිරව යාපනයේ ක්‍රියාත්මක දේශපාලන රැස්වීම් සාකච්ඡා පවත්වන පක්ෂවල සාමාජිකයින්ට පහර දීම ඔවුන්ගේ දේශපාලන වේදිකා හා කාර්යාල කඩා බිඳ දැමීම රැස්වීම්වලට ප්‍රහාර එල්ලකිරීම යන කාරණා සම්බන්ධයෙන්ද අරුල් සිද්ධාර්ථන්ට එරෙහිව චෝදනා ගොණු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිසුන්ට පහරදීම්  දේපල විනාශ කිරීම් හා හොරකම් කිරීම් මුදල් වංචා කිරීම් වැනි චෝදනා ගණනාවක්   අරුන් සිද්ධාර්තන්ට  එරෙහිව ඇති අතර සම්බන්ධයෙන් වූ නඩු විභාග හතරක්ද   යාපනය අධිකරණයේ විභාග වෙමින් පවතී.

Exit mobile version