යාපනයේ රෝහලේ පී.සී.ආර්. පිළිගන්න බෑ… පුද්ගලික රෝහලකින් කරන් එන්න…

ගුවන්තොටුපල බලධාරීහු කටුනායකට පැමිණි මගීන් හරවා යවති....

දිනසේන රතුගමගේ –

යාපනය ශික්ෂණ රෝහලෙන් නිකුත් කරණ ලද කොරෝනා පී.සී.ආර්. වාර්තා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිළිගත නොහැකි බැවින් පෞද්ගලික රෝහලකින් යළි පරීක්ෂණ සිදු කොට වාර්තා රැගෙන එන ලෙස එහි නිලධාරීන්  ප්‍රකාශ කිරීම නිසා මේ සතියේදීද ගුවන් මගීන් හතර දෙනෙකු දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

මේ අන්දමටම පසුගිය සතියේදී  යාපනයේ සිට කටුනායකට ගොස් විදේශ ගතවීමට ගිය තවත් ගුවන් මගීන් පිරිසකටද මේ අත්දැකීමටම මුහුණ දීමට සිදුව තිබේ.

මේ තත්ත්වයත් සමගම යාපනයේදී කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා නිකුත් කරන යාපනය ශීක්ෂණ රෝහලේ නිලධාරීන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.


යාපනයේ ජනතාව පවසන්නේ  රජයේ පිළිගත් විශාලතම ශීක්ෂණ රෝහලකින් නිකුත් කරණු ලබන පී.සී.ආර්.වාර්තා පිළිනොගන්නා ගුවන් තොටුපලේ නිලධාරීන් පෞද්ගලික රෝහලක වාර්තා පිළිබදව විශ්වාශය තබන්නේ කෙසේදැයි යනුවෙනි.

පෞද්ගලික රෝහලකින් යළි පරීක්ෂණ සිදු කරවා ගැනිමට ගුවන් මගීන්ට විශාල මුදලක් ගෙවීමට සිදුව ඇති අතර එම වාර්තාව හා යාපනය ශීක්ෂණ රෝහලෙන් නිකුත් කරණ ලද වාර්තාව අතර කිසිදු වෙනසක්ද තිබී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටුනායක ගුවන් තොටුපලේදී සිදුවන මේ ක්‍රියාව සම්බන්ධයෙන් වහාම සොයා බලා ඉදිරියේදී විදේශ ගත වීමට සූදානමින් සිටින යාපනයේ ජනතාවට සහනයක් සලසා දෙන ලෙස යාපනයේ ජනතාව ඉල්ලා සිටිති.

Exit mobile version