යාපනයේ දී ගුවන් භටයෙකුගේ පැරෂුට් පිම්මක් මරණයෙන් කෙළවර නොවී අනූ නවයෙන් බේරුණ හැටි…. ( වීඩියෝ සහිතයි)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනසේන රතුගමගේ –

ඊයේ (06) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයින් පිරිසක් යාපනයේදී පවත්වන ලද පැරිෂුට් සංදර්ශනයකදී ගුවන් භටයෙක්  මාරක අනතුරකින් අනූ නවයෙන් බේරි තිබේ.

ගුවන් හමුදාවට වසර 73 ක් පිරීම නිමිත්තෙන් යාපනයේ සංවිධානය කොට ඇති උත්සව මාලාවේ එක් අංගයක් වූයේ ගුවන් භටයින් පැරිෂුට්වල ආධාරයෙන් බිමට පතිත වීමයි.

ගුවන් භටයා අනතුරට පත් වූයේ එම සංදර්ශනයේ යෙදී සිටි අතරවාරයේදීයි.

ඔහු සිය පැරිෂූටයෙන් බිමට  පතිත වෙමින් සිටියදී එම පැරිෂුටය සුළඟ නිසා ඈතට පාවී ගොස් ගොඩනැගිල්ලක වහලය මතට   පත්තිත වී තිබේ.


ඔහු වහලයට පතිත වීමට පෙර ඔහුගේ පැරිෂූටය ඒ අසලම වූ කණුවක රැදීම නිසා ගුවන් භටයා පැරිෂූටයත් සමග එල්ලී ඇත. ඒ හේතුවෙන්   සිදු වන්නට ගිය විශාල  හානියක් වැළකී ගොස් තිබේ.

මෙම අනතුරෙන් ගුවන් භටයාට කිසිදු තුවාලයක් සිදුව  නොමැත.

Exit mobile version