යාපනයේ කල්ලියක මැර ප්‍රහාරයකින් 4කට අසාධ්‍යයි… එක් අයෙකුගේ අතක් ඉවත් කරලා…

නිවාසවලට හා වාහන 05කට හානි...

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ කෝපායී කොණ්ඩාවිල් ප්‍රදේශයට ඊයේ (30) කඩා වැදුණු මැරයන් පිරිසක් නිවෙස් කීපයකට පහර දී ඒවායෙහි තිබූ වාහන පහකට අලාභහානි සිදු කොට පුද්ගලයින් හතර දෙනෙකුට සිදුකළ පහර දීමකින් බරපතල තුවාල ලත් පුද්ගලයෙකුගේ අතක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර තිබේ.

අනෙක් පුද්ගලයන් තිදෙනා ද බරපත තත්වයෙන් ප්‍රතිකාර ලබන බව යාපනය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම මැරයන් පිරිස යතුරු පැදිවලින් පැමිණ ඇති අතර මෙම නිවාස වලට, වාහන වලට හා පුද්ගලයන්ට පහර දීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

මැරයින්ගේ ප්‍රහාරය නිසා මෝටර් රථයක් ත්‍රී රෝද රථ දෙකක් හා යතුරු පැදි දෙකකට අලාභ හානි සිදුව තිබේ.

යාපනයේ කෝපායී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

මීට දින දෙකකට ඉහතදීද යාපනයේ කොකුවිල් ප්‍රදේශයට පැමිණි මැරයින් පිරිසක් නිවාස වලට පහර දී පලාගොස් තිබේ. මෑතක සිට යළිත් මෙැවනි මැර කණ්ඩායම්වල ප්‍රහාරයට සුලබව යාපනයේ වැසියන් ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් මේ තත්වය එක් වර මතුවීම සෑම පාර්ශවයකින්ම විමසා බැලිය යුතු බවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ පවසති.

Exit mobile version