යාපනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල හැලුන බවට ප්‍රචාරය දේශපාලකයන්ගේ කුමන්ත්‍රණයක්….

Indian-High-Commition

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය රජය හා චීන රජය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීම පිණිස මේ දිනවල උතුරු ප්‍රදේශය තුළ දේශපාලනික වශයෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ හිටපු කථිකාචාර්ය එස්.මහෙන්ද්‍රන් අද ( 2 ) පැවසීය.

විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසන්නේ  යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල භාෂාව හදිසියේ ඉවත් කොට ඇති බවට චෝදනාව පසුපස ද ඇත්තේ මේ ක්‍රියාදාමයම  බවය. මීට දිනකට පෙර එක් වෙබ් අඩවියක් හැරුණු විට උතුරේ අනෙක් සියලුම දෙමළ වෙබ් අඩවි මේ පුවත වාර්තා කර තිබිණි.

2015 වසරේ සිට පැවති මෙම නාම පුවරුව හදිසියේ වෙනස් කිරීම යාපනයේ ක්‍රියාත්මකවන චීන ව්‍යාපෘතිවල නාම පුවරුවවල භාෂායොදා ගැනීමට ප්‍රතිචාර දක්වමින් එකට එක කිරීමේ හදිසි පියවරක් ලෙස හුවා දක්වමින් ඔවුන් මෙම ප්‍රචාර ගෙන ගොස් අති බවත් ඒවා කිසිදු සත්‍යතාවක් නැති බවත්  එම ආරංචි මාර්ග තහවුරු කළේය.    

මේ සම්බන්ධව අදහස් දක්වන යාපනය සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය එස්.මහෙන්ද්‍රන් පෙන්වා දෙන්නේ  යාපනයේ දුපත් පළාත්වලට විදුලි බලය සැපයීම සදහා සුලං බල විදුලි උත්පාදන ව්‍යාපෘති හා තවත් ව්‍යාපෘති ගණනාවක් ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවට ලබා නොදී චීනයට ලබා දීම පිළිබඳව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක්ම රජය කෙරෙහි අප්‍රසාදයෙන් සිටින බව.  එබැවින් ඔවුන් මේ දිනවල චීනයත් ඉන්දියාවත් අපහසු තත්ත්වයට පත් කරන ආකාරයේ ක්‍රියාදාමයන් රැසකට අවතීර්ණ වී සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.   

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන රජය විසින් ලබාගත් කොන්ත්‍රාත්වල උප කොන්ත්‍රාත් ලබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ දේශීය සමාගම් චීන භාෂාවෙන් පමණක් නාම පුවරු සැකසීම හා ස්ථාන නම් කිරීම සිදු කරනබවට එක් පැත්තකින් නිවේදන නිකුත් කරන දෙමළ දේශපාලනඥයින් අනෙක් පසින් ඉන්දියාවටද විවිධ චෝදනා එල්ල කරමින් සිටින බව එස්.මහෙන්ද්‍රන් කියා සිටියේය. 

Exit mobile version