යකහටුව බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් 69කට කොවිඩ් ආසාදනය වේ

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරයස ආසාදිත වී ඇති බව ඊයේ සිදුකළ පී.ආර්.සී. පරීක්ෂණ වලදී තහවුරු  වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මේ බව නිවේදනය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කීවේ මෙම 69 දෙනාගේ ආශ්‍රිතයන් සොයා විශේෂ පරීක්ෂණයක් දියත් කරන බවය.

එම ප්‍රතිඵළ ලැබී ඇත්තේ ඊයේ සිදුකළ පී.ආර්.සී පරීක්ෂණ 150ක ප්‍රතඵල මතය. මේ අනුව පී.ආර්.සී පරීක්ෂණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක්  ආසාදිතයින් ගේ බව තහවුරු වී ඇත.


මේ වනවිට යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයන් පී.ආර්.සී පරීක්ෂණ වලට යොමු කර තිබේ. කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන සෙවා මගින් මෙම සේකයින් කම්හල වෙත කඳවා ඇත.   උණ රෝගයෙන් පෙළමින් සිටින සේවිකාවන් පිරිසක් ගම්පහ රෝහලට මාරු කර යවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කම්හලේ සේවකයින් 700කට අධික පිරසක් සේවය කරමින් ඇත. උණ හා හිස රදය ඇතුළු රෝග ලක්ෂණ සහිතව සිටිය දීත් සේවකයන් සේවයේ යෙදවීම සම්බන්ධව මේ වනවිට එම කම්හලේ පාලන අධිකාරිය වෙත චෝදනා එල්ල වෙමින් ඇතැයි වාර්තා වේ.

 

Exit mobile version