මෝදි වාසගමට අපහාස කරලා… රාහුල් ගාන්ධිට වසර 02ක සිර දඬුවමක්!

ඉන්දීය කොංග්‍රසයේ හිටපු නායක රාහුල් ගාන්ධිට ඉන්දියාවේ සුරත් අධිකරණය විසින් අද වසර දෙකක සිර දඬුවමක් නියම කළේය.

එම අධිකරණයේ විභාග වූ මෝදි  වාසගමට අපහාස කිරීමක් සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එහි විනිසුරු ප්‍රකාශ කළේ රාහුල් ගාන්ධි මෙම වරදට වරදකරු ව ඇති අතර ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම කරන බවයි.

කෙසේ වුවද ඔහුට එම සිර දඬුවම ක්‍රියාත්මක කිරීම මාසයකට අත්හිටවූ අධිකරණය මෙම තීන්දුවට එරෙහිව ඉහළ උසාවියක අභියාචනා ගොනු කිරීමට හැකි බව ද පෙන්වා දුන් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන ඉන්දීය කොංග්‍රසයේ නායකයින් වන ගාන්ධි පරම්පරාවේ සාමාජිකයකු වන ඔහු හිටපු අගමැතිවරයෙක්වන රජීව් ගාන්ධිගේ පුත්‍රයාය.


ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රිවරයකු වන ඔහු ට මෙම තීන්දුවත් සමඟ ඔහු ගේ  මන්ත්‍රී ධුරයද අහිමි වනු ඇති බ බවට මතයක් අපළ වී  තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මෙම තීන්දුව පිළිග්නනා බව ප්‍රකාශ කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි

Exit mobile version