පසුගිය 15 වැනිදා දික්වැල්ල බෝදරකන්ද හන්දියේ පන්සල් ඉඩමේ දී වෙඩි තබා මොරටු ඝාතනය කළ මොරටු සංජීව නැමැති පාතාල වෙඩික්කරුගේ ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (21) රාත්රියේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් මෙම පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
ඝාතනය සිදුකළ සැකකරුවන් සැඟවීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වන පුහුල්වැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් සහ වයස අවුරුදු 33ක් වන ඌරුගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැක කරුවන් දෙදෙනා සහෝදරයින් බව පොලිසිය කියයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.