මොරටුවේ දී ගුවන් හමුදා නිල ඇඳුම් සහිත පිරිසක් සිවිල් වැසියෙකුට අමානුෂිකව පහර දෙයි…

මොරටවු  ෆ්‍රෙසර් මාවතේ දී ගුවන් හමුදා පුද්ගලයින් පිරිසක් එක්වී සිවිල් වැසියෙකුට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

එම පුද්ගලයා තමන්ට පහර නොදෙන ලෙස ඉල්ලා සිටිමින් කෑ ගසද්දී පහර එල්ලකරමින් ඇදගෙන යන ආකාරය මෙම වීඩියෝවෙන් ප්‍රකාශ වේ.

මේ පිළිබඳ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන් කළ විමසීමක දී ඔහු කීවේ මේ වනතුරුත් තමන් මෙම සිදුවීම පිළිබඳ දැනුම්වත් වී නැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොරුව පාලම් තුන හන්දිය අසල ඇති ඉන්ධන පිරවුම්හලක් තුළ ඇති වූ සිද්ධියක් සම්බන්ධව මෙම ගුවන් හමුදා මැදිහත්වීම සිදුවී ඇති බව දැනගන්නට ඇත.


Exit mobile version