මොරටුමුල්ලේ කුසගිනිවත්තට සංචරණ සීමා පැනවේ…

මොරටුව මොරටුමුල්ල ශ්‍රී ප්‍රේමරත්න මාවතෙන් ඊයේ හඳුනා ගනු ලැබූ COVID 19 ආසදිත කාන්තාව මොරටුමුල්ල කුසගිනිවත්ත ප්‍රදේශයේ පදින්චිකාරියක බව තහවුරු වී තිබේ.

ඊයේ (15) රාත්‍රියේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ඇගේ ආශිත්යන් සොයා යෑමේ දී හෙළී වී ඇත්තේ  දිවුලපිටිය ප්‍රදේශයේ ඇගේ ඥාතියකුගේ මංගල උත්සවයකට ඇය සහභාගී වී ඇති බවය.

එම කාන්තාව සමග මොරටුව ප්‍රදේශයෙන් 170කට අධික පිරිසක් බස් රථ වලින් එම උත්සවයට සහභාගී වී ඇති බවට තොරතුරු  අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.


තාපසාරාම විහාරස්ථානයේ පැවතී කථින පින්කමකටද එම කාන්තාව  සහභාගී වී ඇති බව වාර්තා වී ඇත.  මේ අතර එම කාන්තාව පදිංචි කුසගිනිවත්ත ප්‍රදේශයට මේ වන විට සංචරන සීමා පනවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (16) දිනයේ මොරටුමුල්ල ශු.පාවුල් තුමාගේ දේවස්ථාන පරිශ්‍රයේ PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර එම මංගල උත්සවයට සහභාගී වූවන්ගෙන් සහ එම කාන්තාව ඇසුරු කල අයගෙන්   එම පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටිති.

Exit mobile version