මොනරාල ගංජා SSP සහ ඇතිමලේ ගංජා OIC යළිත් රිමාන්ඩ්…

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ඇතුළු විත්තිකරුවන් 05 දෙනා සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 03 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  මොණාරගල මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම ඊයේ (24) නියෝග කළාය.

පසුගිය 08 වැනිදා සවස ඔහු සිය නිල නිවසේ දී   පොලිස් විශේෂ කාර්ය බලකායේ    විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින්  වියලි ගංජා කිලෝ ග්‍රෑම් 15කට ආසන්න තොගයක්  සමග අත්අඩංගුවට ගත්තේය. පසුව කළ පරික්ෂණවල දී පුරාවස්තු කැණීම සඳහා යොදා ගන්නා උපකරණ, විදේශීය රටවල මත් පැන් බෝතල් තොගයක්, හැම්පර් තොගයක් ඔහුගේ නිල නිවසින් සොයා ගනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වියලි ගංජා තොගය සිය නිල රථයෙන් ප්‍රවාහනය කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසට ගෙනැවිත් දීම පිළිබඳව ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට පත් වී ඇත.

Exit mobile version