මොංගෝලියාවේ බෞද්ධ උරුමය සුරකින්න ඉන්දියාව පෙරමුණට

ඉන්දියාව සහ මොන්ගෝලියාව අතර බෞද්ධ සංස්කෘතිකත්වය පදනම් වූ ශක්තිමත් සම්බන්ධතාවක් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව දෙරට අතර බෞද්ධ සංසකෘතිය සම්බන්ධතාව වර්ධනය කිරීමට ඉන්දියාව කැපවී කටයුතු කරන බවට ඉන්දියාවේ නීතිය පිළිබඳ අමාත්‍ය කිරන් රිජ්ජු පවසා ඇත.

එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දූත කණ්ඩායමක් මොන්ගෝලියාව වෙත පැමිණ ඇති අතර එහිදී පෞරාණික බෞද්ධ ධාතුන්ද රැගෙන විත් තිබූ අතර එම ධාතුන් ප්‍රදාර්ශනය කිරීමට එහිදී පියවරගෙන තිබිණි.


මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේක ඇත්තටම සුවිශේෂී අවස්ථාවක්. ඉන්දීය රජය විසින් මොංගෝලියාව සමඟ ඉතාම සමීපව කටයුතු කරනවා. ඒ වගේම එරට බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනයටත් සහයක් වෙනා. මෙහිදී මොංගෝලියාවේ තිබෙන ප්‍රධානතම බුද්ධ ප්‍රතිමාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ත්‍යාගයක් ලෙස ලබාදී තිබීමත් සුවිශේෂි කාරණයක්. යනුවෙනි.

ඒ අනුව මෙම ධාතුන් දින 11ක කාලයක් පුරාවට මොංගෝලියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසා ඇත.

මොංගෝලියාවේ වෙසෙන බෞද්ධ බැතිමතුන් ඉන්දීය දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර එහිදී මෙම ධාතුන් වෙඩි නොවදින විශේෂිත වීදුරුවලින් අවාරණය කර තිබීමද විශේෂත්වයකි.

මොංගෝලියානු රජය විසින් විශේෂ ඉල්ලීමක් මත මෙම ධාතුන් එරටට රැගෙන විත් ඇති අතර එහි දෙරට අතර පවතින සම්බන්ධතා වල ශක්තිමත් භාවය පෙන්නුම් කිරීමට කදිම උදාහාරණය බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මොංගෝලියාවේ සංචාරය කළ පළමු ඉන්දීය අග්‍රමාත්‍යවරයා වන්නේද නරේන්ද්‍ර මෝදි වන අතර එය දෙරටේ සම්බන්ධතා වර්ධනය කිරීමට මූලික වූ ප්‍රබල සිදුවීමක් බවටද වාර්තවේ.

Exit mobile version