“මෛත්‍රී ඩොලර් මිලියන 5ට කළ දේ ගැන රජයෙන් පරීක්ෂණයක් ඕනෑ”

සමගි ජනබලවේගයේ කොළඹ අපේක්ෂක මුජිබර් රහුමාන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් ප්‍රසිද්ධ උත්සවයකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදෙන ලද ඩොලර් මිලියන 5ක මුදලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව වහාම රජයේ පූර්ණ පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් රටට හෙළිකරන ලෙස තමන් ඉල්ලාසිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා ලංකාසරට පැවසීය.

මේ සම්බන්ධව තමා අද අදාල මුස්ලිම් සංවිධානයේ සම්බන්ධ කරගෙන පෞද්ගලිකව සොයා බැලීමක් සිදුකරන බව හෙතෙම අනාවරණය කළේය.

විපතට පත් ජනතාවට උදව් කිරීම සඳහා මෙම මුදල් ලබාදී වසරකටත් වඩා වැඩි කාලයක් ගතව ඇති මේ මොහොතේ තවමත් ඒ මුදල් නොලැබුන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර ඇති ප්‍රකාශය ඇසීමෙන් තමා ඇතුළු මුස්ලිම් සමාජය විමතියට පත්ව සිටින බව ඒ මහතා පැවැසීය.


ඩොලර් මිලියන 5ක් යනු සුළු මුදලක් නොවන බව පෙන්වාදෙන රහුමාන් මහතා එම මුදල් තවමත් නොලැබුණේ නම් ඒ ගැන ජනමාධ්‍ය ප්‍රශ්න කරනතෙක් බලාසිටියේ මන්දැයි තමා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නකර සිටින බවද අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය තොරතුරු නොපමාව රටට හෙළිකරන ලෙසත් යම් හෙයකින් මෙම මුදල් පිල්ලි ගැසීමක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධවද රජය අනුගමනය කරන ක්‍රමවේදය කුමක් ද යන්න කුමක්ද යන්න හෙළිකරන ලෙසත් තමන් රජයෙන් ඉල්ලාසිටින බව මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version