මෛත්‍රී ගෙදරින් පන්නයි ද?

කොළඹ පැජට් පාරේ  නිවස දෙන්න ගත් අමාත්‍ය මණ්ඩල තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   දැනට භාවිත කරන පැජට් පාරේ පිහිටි නිවස අඛණ්ඩව භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29)  අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය පෙත්සම විභාගයේ  අවසන් තීරණය දක්වා බලපැවැත්වේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.


මෛත්‍රිපාල සිරිසේන   ජනාධිපතිව සිටි සමය් නිල නිවාසය ලෙස භාවිත කළ මෙම නිවස ඔහුට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයන් ඊයේ (28) මෛත්‍රිපාල සිරිසේන   ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය

Exit mobile version