මේ වෙන්නෙ මොනව ද?. මටත් අවුල්… විදුලිබල ඇමති ලොකුගේ කියයි!

මහජන උපයෝගීතා කොමිසමට නොදන්වා විදුලිය කප්පාදු වන බවත්,  සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි තමාටත් ඇත්තේ විශාල ප්‍රහේළිකාවක් බවත්  විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසයි.

මෙවැනිම සිද්ධියකට මින් පෙර කමිටුවක් පත්කර පොලිසියටත් පැමිණිල්ලක් කරනු ලැබුව නමුත් තවමත් ඒ කමිටු වාර්තාව නොලැබුණ බව පවසන ඇමතිවරයා මාස ගණන් පසුවී ලැබෙන වාර්තාවලින් කුමණ පලයක් දැයි විමසයි.

ඇමතිවරයා  මාධ්‍ය අමතා මෙසේ ද කියා තිබිණි.


“විදුලිය පිරිමහන්න තමයි ඊයේ  ස්ථාන හතරක පැය බැගින්  විදුලිය විසන්ධි කරලා තියෙන්නෙ. නමුත් මා විශ්වාසකරන ලෙස   සමහර  තැන්  එක්ක  බැලන්ස් කරලා මේක අඩු කරගන්න තිබුනා.“

“නැතිනම් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මේක පැහැදිලි කරලා කියන්න තිබුණා.  ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. නීත්‍යානුකූලව ඒ අයට තියන බලය පාවිච්චි කළාට මගේ කිසිම විරෝධයක් නෑ.“

“අපි මීට කලින් මෙහෙම වේචචි එකකට කොමිටියක් පත් කළා. පොලිසියට  පැමිණිලි කළත් තවම වාර්තාවක් නෑ. ඉතින් එහෙම පත් කරලා මාස ගණන් ගිහින් වාර්තා ගෙනත් කිසිම වැඩක් නෑ. මේක මටත් ලොකු ප්‍රහේළිකාවක්. “

ඊයේ  දිනය තුළ විදුලි ඉල්ලුම මෙගාවොට් 2276.6කි.

එම තත්වයේ තිබුණේ ඉන්ධන නැති වීම නිසා ජාතික පද්ධතිය මෙගාවොට් 280ක් ලබා දුන්  කැළණිතිස්ස බලාගාර සංකීර්ණය සහ මෙගාවොට් 60ක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය  අක්‍රීය වී  සමස්ථයක් ලෙස මෙගාවොට් 340ක්  ජාතික පද්ධතියට අහිමිව තීබූ  පසුබිමකය.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ  විදුලි පරිභෝජනය ඉතාම පහළ අගයක තිබුණු ඊයේ දිනය තුළ විදුලි කප්පාදුවක්  කිසිසේත් අවශ්‍ය නැති බවත්, එවැනි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසරයක් ඉල්ලා නොතිබුණු බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිතුමතේට විදුලිය විසන්ධි කිරීම විදුලි පනතට හා මහජන උපයෝගීතා කොමිෂන් පනතට පටහැනි බව පැවසූ සභාපතිවරයා සිදුවූයේ කඩාකප්පල් කාරී ක්‍රියාවක් යැයි සැක සිතෙන බැවින් සඳුදා දිනයේම පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

Exit mobile version