මේ වසර අවසන් වන තුරු ඉන්ධන මිල ඉහළ යන්නේ නෑ… අමරවීර කියයි.

ශ්‍රියානි විජේසිංහ –

ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ ගියත් මේ වසර අවසන් වනතුරු මෙරට ඉන්ධන මිල ඉහළ නොයන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබූ රුපියල් 26ක අධිභාරය  ඉවත් කිරීමත් සමග ජනතාවට මෙම වාසිය අත්වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ඉන්ධන අධිභාරය ඉවත් කිරීම හේතුවෙන් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 35ට වැඩි වන අතර ඩීසල් ලීටරයකින් සිදුවන පාඩුව රුපියල් 25ක් පමණ වන බවද ඇමතිවරයා පෙන්වාදේ.


පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළදපලෙහි ඉන්ධන මිල පහළ යාම තාවකාලිකව සිදු වූවක් වන අතර කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් විසින් පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමත් සමග නැවත වරක් ඉන්ධන මිල ඉහළ යමින් තිබේ.

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

 

 

 

 

Exit mobile version