මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

තමන් යළිත් මේ පාර්ලිමේන්තුව පැත්ත බලන්නේ නැති බව හිටපු මුදල් ඇමති අලි සබ්‍රි කීවේය.  ආදායම්  බදු ගෙවන, හොරකම් කරන්නේ නැති විද්වත් වෘත්තිකයින් නැවත මේ පාර්ලිමේන්තුවට එතැයි විශ්වාස කළ නොහැකි බව කී අලි සබ්‍රි මන්ත්‍රීවරයා  ඒ ගෞරවනීය තත්ත්වය පාර්ලිමේන්තුව තුළ ඇති කරන්නැයි ඉල්ලා සිටියේය.

තමන් තමන් වෙනුවෙන් තම දරුවන් වෙනුවෙන් තම මව් පියන් වෙනුවෙන් බිය බව කී මන්ත්‍රීවරයා තමන් පැමිණියේ යුද්ධ කරන්න නොවන බවත් තමන් විශ්වාස කළ දේශපාලන දර්ශනයක් මත පිහිටා සද් භාවයෙන් යුතුව රටට සේවයක් කරන්න බවත් පැවසුවේය.

බුදුන් වැඩිය රට තුළ මනුෂ්‍යයන් පීඩාවට පත් කරන විට, නිවාස ගිනි තබන විට, මිනී මරන විට සතුටුවන ම්ලේච්ඡ ආකාරය දැක අතිශය කම්පනයට පත් වූ බව කී මන්ත්‍රීවරයා මේ මොන රටක් දැයි විමසුවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.


අපේ රටේ ඉතිහාසයේ තිබෙන විශාලම ආර්ථික අර්බුදය. ඒ නිසා තමයි මේ සත්‍ය පිළිගන්න ඕන. එලියෙ ඉන්න ඔවුන්ට ප්‍රශ්න පේනවා. ඔවුන් ඒ ප්‍රශ්නවලින් මිරිකෙනවා.

රුපියල අවපාත වෙලා, ඉන්ධන නෑ. ගෑස් ටික නෑ. කෑම ටික නෑ. ඔවුන් ඉතාම දැඩි පීඩාවට පත් වෙලා. ඒක අපි හැමෝටම පේනවා.

මේක එළියට එන්න ආර්ථිකයේ වෙනසක් වෙන්න ඕන. මේක ආර්ථික අර්බුදයක්. ආර්ථික අර්බුදය නිසා පැන නැගුණු දේශපාලන අර්බුදයක්.  සියලුම පක්ෂ තමන්ගේ තීරුවලින් එළියට ඇවිත් එකට එකතු වෙන්න කියන්නෙ ඒකයි.

එකිනෙකාට ඇඟිල්ල දික් කරනවා නම් විජය ආපු දවස දක්වා ඇඟිල්ල දික් කරන්න වෙනවා. ඇත්ත මිනිස්සුන්ට කියන්න ඕන. මේකෙන් දේශපාලන වාසි ගන්න ගියොත්  ඔවුන් අපට ගහනවා.

මේ සමහරු  මගෙන් අහනවා බය ද කියලා. ඔව් මම බයයි. මම ආවෙ යුද්ධ කරන්න නෙමෙයි. මම බයයි මම වෙනුවෙන්. මම බයයි මගෙ දරුවො වෙනුවෙන්.  මම බයයි මගෙ දෙමව්පියන් වෙනුවෙන්.

අපි සත පහක්වත් වංචා කරලා නෑ. මම මේ ධුරය භාරගන්න කලින් මගෙ ආදායම් බදු ලෙස  පසුගිය අවුරුදු 5 ඇතුළෙ රුපියල් මිලියන 42ක්   ගෙවලා තියනවා. එක රුපියලක්  මේකෙන් හම්බරකරලා නෑ.

මගෙ ආදායමින් සියයට  දහයක්වත් මේ සියලු වරප්‍රසාදත් එක්ක මට ලැබිලා නෑ. අප විශ්වාස කළා මේ රටට දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ ඕනකම නිසයි  අපි මෙතෙන්ට ආවෙ. ඒක වරදක් ද?. මම ඒකට උත්සාහ කළා.

මොකක්ද මේ රට. බුදුහාමුරදුරුවො පය තිබ්බ රට. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා කියපු රට. අනික් මිනිස්සුන්ගෙ ගෙවල් ගිනිගන්නකොට උඩ පනින්න පුලුවන් රටක් ද?. අලි සබ්‍රි මන්ත්‍රීවරයාගෙ ගේ ගිනි ගන්නකොට මගෙ ක්ෂේත්‍රයෙම නීතිඥ වෘත්තිකයො අප්පුඩි ගහනවා.  මගේ ගේ තියන තැන ලොකේෂන් ෂෙයා කරලා කියනවා ලස්සන ගෙයක් තියනවා කියලා. මගෙ දරුව ඇරමරිකාවෙ. එයාට  කියලා යවනවා ඔන්න උඹලගෙ ගේ ගින ගන්නවා කියලා.

මම අහන්නෙ මේකයි. මා ඇතුළු 69 ලක්ෂයක් මිනිස්සු  සද් භාවයෙන් විශ්වාස කළා මේ රටට හොඳක් කරන්න පුලුවන් වේවි කියලා.  ඒක කළේ මම විතරක් නෙමෙයි. මම පිලිගන්නවා ආර්ථික කළමනාකරණයේ අඩුපාඩු තිබුණා. නමුත් අප යම්  වරදක් කරලා තිබෙනවා නම් අප උසාවිය ඉස්සරහට අරගෙන යන්න. මේක දේශපාලකයින්  225 ගෙ වරදක්ම නෙමෙයි. හැමෝම අහන්න තමන්ගෙ පපුවට තට්ටු කරලා  තමන්ගෙ රාජකාරිය හරියට කළා ද කියලා.  දේශපාලකයින් 225 වෙනුවෙන්ම වැය කරන සියලු වියදම්    කපා දමන්න.  පුලුවන්නම් මේ ප්‍රශ්නයට විසඳුම් ගේන්න එහෙම රකන්න. දේශපාලකයින් ඉන්නේ 225යි. ඔවුන්ගෙ වගේම මේ රටේ ඉන්න අනෙක් හැම ප්‍රධාන නිලධාරියෙකුගෙන්ම අහන්න වත්කම් ප්‍රකාශ කරලා විනිවිද වෙන්න පුලුවන් ද කියලා. “

“ඔවා දෙනු පරහට… තමා සම්මතේ පිහිටා සිට…“

මෙතන ප්‍රශ්නය මේකයි.  ආදායම වගේ තුනයි දශයම හතර ගුණයක් වියදම් වෙන රටක් මේක.  විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තියනවා. තුනම වැහිලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැති තුමා කිව්වා වගේ ඊලඟ මාස 3, 9 සහ 12 ඉතාම අමාරු කාල පරිච්චේදයක්.  ඒක කාලය තුළ ප්‍රශ්නය ඔඩු දුවවන්නෙ නැතිව ප්‍රශ්න විසඳගන්න උදවු කරන්න.

Exit mobile version