මේ මැතිවරණයේ දී ටී.එන්.ඒ එකට යන එන මං නෑ… ශිවාජිලිංගම් කියයි

දිනසේන රතුගමගේ –

මෙවර මහ මැතිවරණයේදී උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධූර  හතකට වඩා ලබා ගත නොහැකි බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්  ඊයේ (07) යාපනයේ දී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

වර්තමානයේ දී උතුරු පළාතේ දේශපාලන රටාව ඉතා වෙනස් මගකට ගමන් කොට ඇති බව පෙන්වා දුන් සිවාජිලිංගම්  දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත තුළ  කලින් තිබූ ජනතා කැමැත්ත මේ වන විට පහව ගොස් ඇති බව ද ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයට සහය ලබා දෙමින් සිටි උතුරේ සංවිධාන ගණනාවක්ම මේ වන විට එම පක්ෂය අතහැර වෙනත් දේශපාලන විකල්පයන් කරා යොමු වී සිටින බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.


දෙමළ ජාතික සන්ධානයට කිසිම දිනක සහය නොදුන් ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවානන්දා  රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් පෝෂණය කිරීමට කටයුතු කරණ අතර එදා සිටම එක්සත් ජාතික පක්ෂයේ සිටි විජයකලා මහේස්වරන්   ඒ පක්ෂයේම රැඳී සිටින බවද පෙන්වා දුන්නේය.

මේ ප්‍රවණතාවය නිසා විශාල අවාසියක් සිදුවන්නේ දෙමළ ජාතික සන්ධානයට බව පවසන ශිවාජිලිංගම්  දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වී ගිය සියලුම දේශපාලනඥයින්ට අනාගත දේශපාලන ගමනක් ඇති බවද පැවසීය.

මේ අනුව උතුරු පළාතෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින විග්නේස්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ සන්ධානයට විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නව දෙමළ සන්ධානයේ ශක්තිය එළඹෙන මහමැතිවරණයට වඩා පළාත් සභා මැතිවරණයක දී ජනතාවට ඉතා හොඳින් දැක ගැනීමට අවස්ථාව උදා වන බව කී ශිවාජිලිංගම්   දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන එකම දෙමළ සන්ධානය විග්නේස්වරන්ගේ නව දෙමළ සන්ධානය පමණක් බවට පත් වී ඇති බව ද කියා සිටියේය.

Exit mobile version