මේ පාර ආ වෛරසය පිට රටකින් ආපු වෙනස් එකක් බව ස්ථිරයි

ජපුර සරසවියේ පර්යේෂකයෝ කියති

මේ වනවිට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පෙර පැවති වෛරසයට වඩා දරුණු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත.

B142 වෛරස කාණ්ඩයට අයත් මෙම වෛරසය ඉතා වේගයෙන් විශාල පිරිසකට පැතිරවිය හැකි බව එම පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය විසින් විසින් සිදුකරන ලද මෙම පරීක්ෂණයට අනුව වෛරසය සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා පැවසීය.


මෙම පරීක්ෂණයට අනුව මෙම වෛරසය වෙනත් රටකින් මෙරටට ඇතුළු වී ඇති බව ස්ථිර වශයෙන් ස්ථිර වශයෙන්ම තහවුරු කරගෙන තිබුණ ද එය කුමන රටකින් පැමිණියේ ද යන්න තවම අනාවරණය කරගත නොහැකි තත්ත්වයක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවගේ නොසැලකිලිමතකම නිසා වෛරසය බොහෝ ප්‍රදේශවලට පැතිර ගොස් තිබෙන බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැන්වත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආරක්ෂාකාරී වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version