මේ නත්තලේ මත්පැන් සාද නවත්වන්න… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලති…

නතාෂා නෙත්මිනී –                                    

කොවිඩ් වෛරසය තව තවත් ව්‍යාප්ත කරලීමේ ප්‍රධාන හේතුවක් බවට එළඹෙන උත්සව සමය තුළ පවත්වන  මත්පැන් සාද ප්‍රියසම්භාෂණ පත්විය හැකි බැවින්  එම සම්භාෂණ මේ නත්තලේ දී නවත්වන මෙන්   මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

ප්‍රියසම්භාෂණ මත්පැන් සාද කොරොනා වෛරසය බෙදා හරින මධ්‍යස්ථාන  බවට පත්විය හැකි යැයිද එම සම්භාෂණයට සහභාගි වන ඔබේ නෑ හිත මිතුරන් වෛරසය බෙදා හරින්නන් බවට පත්විය හැකි යැයි ද සංගමයේ ලේකම් මහෙන්ද්‍ර බාලසූරි සඳහන් කරයි.

එසේ සිදුවුවහොත් ඉදිරියේ දී රට සාමාන්‍යකරණයට පත්කිරීමට ගෙන තිබෙන තීරණය හකුලා ගැනීමට සිදුවනු ඇතැයි හෙතෙම පෙන්වාදේ. 


විශේෂයෙන්ම මත්පැන් සාදවල දී  දුම්පානයද සිදුවෙන බැවින් එක්  දුම්වැටියක් පුද්ගලයින් කීපදෙනෙකු අතර හුවමාරු වීම කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ ප්‍රබල අවස්ථාවක් වන බව ද  ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.  

Exit mobile version