මේ ආණ්ඩුව ගැන ලජ්ජයි… ජනතාවනි! අවශ්‍ය මොහොතේ සුදුසුම තීරණය ගන්න. – කාදිනල් හිමි!

කිර්ති ප්‍රනාන්දු –

මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ලජ්ජා හිතෙන බවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් යන මේ කුමන්ත්‍රණකාරී පාලනයට එරෙහිව  අවශ්‍ය මොහොතේ   සිදුසු ප්‍රතිචාරය ලබා දෙන ලෙස  තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියෝ පැවසූහ.

උන්වහන්සේ අද (15) ඒ බව ප්‍රකාශ කළේ  අගරදගුරු මැදුරේ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමිනි.

නීතිපතිවරයා සිටින්නේ මහජනතාව වෙනුවෙන් නීතියේ ආධිපත්‍යයය  ආරක්ෂා කරදීම සඳහා මිස දේශපාලකයන්ගේ අතකොලුවක් වීමට නොවන බව නීතපතිවරයාට සිහි කරන බව ද උන්වහන්සේ කීහ.


“පොලිසිය මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න ශීලාචාර ක්‍රමයක් තියනවා. ඊයේ ශෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගත්තෙ ඒ සම්ප්‍රදායට නොවෙයි.  මෙතන සිද්ධ වුනේ පැහැර ගැනීමක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සුදුසු දෙයක් නෙමෙයි. මේ සිදුවීම  බලවත් ලෙස හෙළා දකිනවා.

මේ වෙලවෙදි ආණ්ඩුව මිනිස්සුන්ට කරන වින්නැහිය ඔලුව තියන මිනිහෙක් කරන දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක මුලික අයිතිවාසිකමක් වූ භාෂණය අයිතිය වෙනුවෙන් අප අධිකරණයේ පිහිට ප්‍රාර්ථනා කරනවා.“

කාදිනල් හිමිපානන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ   පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්  මර්ධනය කිරීම සඳහා දියත් කර ඇති උත්සාහය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත්,  චමුදිත සමරවික්‍රම ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රහාරය ශීලාචාර කමක් නැති සමාජයක ගඳගසන ක්‍රියාවක් බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිපති මහජන සේවකයෙක් මිස දේශපාලන අතකොලුවක් නොවන බව කී කාදිනල්වරයා නීතිපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක් සිටින්නේ  දේශපාලකයන්ගේ ඕන එපාකම් ඉටු කරන්නට නොවන බව පෙන්වා දුන්ය. ඒ වගකීම ඔවුන් අතින් ඉටු නොවන්නේ නම් ගැටලුවක් බවත්, මේ රජය ගැන ලජ්ජාවට පත්වන බවත් කී කාදිනල්වරයා මේ අලජ්ජී වැඩපිළිවෙළට එරෙහිව අවශ්‍ය මොහොතේ එරෙහි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

 

Exit mobile version