මේ අරගලයෙන් ජනතාව අපේක්ෂා කළ පාලන තන්ත්‍රය නොවෙයි… මල්වතු මහා විහාරය ජනපතිට කියයි!

සංඝරත්නයේ අනුශාසනා ලැබෙන්නේ මෙතෙක් පැවති පාලනයෙන් ඉවත් වී නිසි මගට පැමිණියහොත් පමණයි...

ජනතා පීඩනය පුපුරා ගොස් කොළඹ කේන්ද්‍ර කරගනිමින් රට පුරා පැවති අරගලවල මුඛ්‍ය පරමාර්ථය වූයේ  දූෂිත වංචාකාරී පාලකයින් පලවා හැර රටේ ජනතාවට නිවහල් නිදහස් ජීවිතයක් ගත කරගත හැකි පසුබිමක් සකස් කරගැනීම වුවද එම ජනතා අපේක්ෂා ඉටු වී නැති බවට අද (30) මල්වතු මහා විහාරයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මල්වතු මහා විහාර පාර්ශවය විසින් දන්වා ඇතැයි මල්වතු මහා විහාර ආරංචි මාර්ග පවසයි.

මල්වතු පාර්ශවය වෙනුවෙන් අනුශාසනාවක් කළ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මහවෙල රතනපාල හිමියන්  විසින් මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මාසයකට ආසන්න කාලයක් කිසිදු දේශපාලකයෙකුට විවර නොවූ මහා විහාර දොරටු විවර කරගත් ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් බැහැදකින්නට යන අවස්ථාවේ නා හිමිවරු කාරක සංඝ සභාවම කැඳවා තිබී ඇත.

මෙම අවස්ථාව මාධ්‍ය ආවරණයක් ලබා දීමට ඉඩ සලසා තිබුණේ නැත.


වාර්තාවන ආකාරයට මල්වතු මහා විහාර පාර්ශවය වෙනුවෙන් අනුශාසනාවක් කරමින් මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික අනුනායක මහවෙල රතනපාල හිමි  පවසා ඇත්තේ අරලයේ පරමාර්ථ ඉටු නොවනු බවත්, දැනට තිබෙන්නේ ජනතාව බලාපොරොත්තු නොවුන පාලන තන්ත්‍රයක් බවත්ය.  .

සංඝරත්නයේ අනුශාසනා සහ මගපෙන්වීම් ලැබෙන්නේ    මෙතෙක් පැවති තත්තවට පරිබාහිව ගොස් රටේ ජනතාවට සහනා දායී ලෙස ජීවත්වීමේ තත්ත්වක් ඇතිවුනොත් පමණක් බවත් මල්වතු පාර්ශවය ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි දැනගන්නට ඇත.

එහි දී  ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් දන්වා ඇත්තේ මහානාය හිමිවරුන් විසින් එවන ලද යෝජනා      අවධානයෙන් යුතුව හදාරනු ලැබූ බවත්, මේ රට කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ එහි පැහැදිලි මගපෙන්වීමක් තිබෙන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ගේ එකම  අරමුණ මහා සංඝරත්නයේ අනුශාසනා අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට  පිවිසීම බව ද ජනාධිපතිවරයා මල්වතු මහා නායක හිමියන්ට දන්වා ඇත.

Exit mobile version