මෙහෙමත් වාෂ්ප වීමක්… වික්ටෝරියා ජලාශයේ දිනකට ජලය ලීටර් මිලියන 6.5 ක් වාෂ්ප වෙනවලු!

Victoria

වික්ටෝරියා ජලාශයෙන් පමණක් දෛනිකව ජලය ලීටර් මිලියන 6.5 ක් වාෂ්ප වාෂ්ප වීම පවතින දරුණු වියලි කාලගුණ තත්ත්වය නිසා සිදුවන බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය  පවසයි.

මේ වනවිට ධාරිතාවයෙන් සියයට 80ක ප්‍රමාණයක් පිරී ඇති ජලාශයේ  අධික හිරු රශ්මිය හේතුවෙන්  මතුපිට පෘෂ්ඨයේ මිලි මීටර් 4.5 ක ඝනත්වයෙන් යුත් කොටසක් දිනපතා වාෂ්ප වන බවත් ජලාශය   වර්ග කිලෝ මීටර් 24 ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන බවත් ඉංජිනේරුවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර්  438.4 කි.  මේ වනවිට  432.59  ක උසකට ජලය පිරී තිබේ. ජල විදුලිය නිෂ්පාදනය සඳහා ඝන මීටර් මිලියන 4.143 ක ජල ප්‍රමාණයක් පසුගිය 17 දින මුදාහැර ගිගාවොට් පැය 1.691 ක විදුලි උත්පාදනයක් සිදුකළ බවත් ඉංජිනේරුවරයා පවසයි.

Exit mobile version