මෙහෙමත් පඹයින් පිච්චීමක්!

මනම්පිටිය නිමල්  ජයරත්න –  

රජයෙන් ලබා දුන් කාබනික පොහොර  වර්ග හතර පමණක් යොදාගෙන කළ වී වගාවේ   හානිවලට  පමණක්  වන්දි ගෙවීමට කෘෂිකර්ම මාත්‍යවරයා ගෙන ඇති තීරණයට  එරෙහිව තඹලවැව යටතේ වී වගා කරන ගොවීන් පිරිසක් අද ( 04 )   සවස  ජයන්තිපුර 12 ඇල ප්‍රදේශයේ දී විරෝධතාවයක නිරත වූහ.

කෘෂිකර්ම   අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති පොහොර වර්ග හතරම තමන්ට  නොලැබුණු බව එම ගොවීහු පැවසූහ.

ඔවුන් කියන්නේ ගිරිතලේ ගොවිජන සේවා කාර්යාලයෙන් ඔවුන්ට ලබා දුන්නේ පොහොර වර්ග දෙකක් පමණක් බවය.


මෙම තත්ත්වය මත  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කාබනික පොහොර වර්ග 04න්  පමණක් වී වගා කර අලාභ සිදු වුවහොත් ඒ සඳහා  වන්දි ලබාදෙන බවට තීරණය කරන්නේ කෙසේදැයි  තඹලවැව  ගොවීහු  ප්‍රශ්න කළහ.

තඹලවැව යටතේ මෙවර මහ කන්නයේ අක්කර  හයසියයක පමණ වී වගා කර ඇති බවත්, මේ වනවිට පැළ ගොයමට දින 30 – 40 පමණ ගත වී ඇති බවත්,  කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද පැළ ගොයම් වර්ධනය වී ඇත්තේ අඟල් දෙක තුනක් පමණක් බවත්, රසායනික පොහොර භාවිතා කළ ගොවීන්ගේ කුඹුරු නිල් පැහැ ගැන්වී එම පැළ ගොයම  අඟල් 8 ක්,  9 ක්පමණ  වර්ධනය වී ඇති බවත්   විරෝධතා කරුවෝ සඳහන්  කළහ.

කාබනික පොහොර වර්ග   හතරම යෙදවූ ගොවීන්ට ද මෙවර අනිවාර්යෙන් පාඩු   සිදුවන බව එම ගොවීහු කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උද්ඝෝෂණය  අවසානයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ  පඹයෙක්  පුච්චා ගොවීහු තම විරෝධතාවය ප්‍රකාශ කළහ.

Exit mobile version