“මෙරට ස්වාධීන කොමිෂන් සභාවලටත් බලපෑම් එල්ල වෙලා”- මානව හිමිකම් මහකොමසාරිස්වරියගෙන් චෝදනා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්‌ නව ජාත්‍යන්තර ක්‍රියාවලියක් ආරම්භ කල යුතු බව ජගත් මානව හිමිකම් කවුන්සිල මහකොමසාරිස් මිචෙල් බැචලේ පවසයි.

මේ දිනවල පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම ස්ථාවරය ඉදිරිපත් කරමින් ඇය මේ බව කියා සිටියාය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්‌
ස්වාධීන කොමිෂන්‌ සභාවලට බලපෑම්‌
එල්ලවී ඇති බව ඇය සඳහන් කරයි.


විවිධ අපරාධ සම්බන්ධයෙන්‌ චෝදනා
එල්ලවූ පුද්ගලයන්‌ රජයේ ඉහළ තනතුරු
සඳහා පත්කිරීම, කොවිඩ්‌ මරණ
බලහත්කාරයෙන්‌ ආදාහනය වැනි දෑ
සම්බන්ධයෙන්ද මිෂෙල්‌ බැෂ්ලේ මහත්මිය
සිය වාර්තාව මගින්‌ අප්‍රසාදය පළකළාය.

වගවීම සහ සත්‍ය සෙවීමේ සැබෑ
වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව මෙතෙක්‌
යොමුවී නොමැති බවට ජගත්‌ මානව
හිමිකම්‌ මහ කොමසාරිස්‌ මිෂෙල්‌ බැෂ්ලේ
මහත්මිය චෝදනා කළාය.

යුද්ධය අවසන්වී වසර 12 ක්‌ ගතව ගියද ප්‍රතිසන්ධානය නගා සිටුවීමේ වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බව ඇය සඳහන්‌ කරයි.

ගතවූ වසරක කාලය සැළකිමේදී අංශ
රැසකින්‌ විවිධ හිංසන වාර්තාවී ඇති බවත්‌ මහ කොමසාරිස්වරිය කියාසිටී.

දේශීය වගවීමේ ක්‍රියාවලියකට රජය විසින් දොරටු වසා තිබීම කිසිසේත්‌ අනුමත කල නොහැකි බවද මහ කොමසඩාරිස්වරිය අවධාරණය කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා සිය
කාර්යාලය නිරතුරුව සහයවීමට සූදානම්
බවද රටේ මානව හිමිකම්‌ තත්වය පිළිබඳ
විමසිල්ලෙන්‌ පසුවන බවද ජගත්‌ මානව හිමිකම්‌ මහ කොමසාරිස්වරිය කියාසිටියා ය.

Exit mobile version